පොදු නානකාමරවල කාන්තාවන්ගේ ඇඳුම් මාරු කරන කාමර ඉලක්ක කරගනිමින් සොරකමේ නිරත වන කණ්ඩායමක් පිලිබඳ
තෝකියෝ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය වසරේ නොවැම්බරයේ සිට තෝකියෝ හි මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර අපරාධ විමර්ශන අංශය විසින් සොර කණ්ඩායමේ සාමාජිකයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බොහෝදෙනෙක් චීන ජාතිකයන් බවයි වාර්තා වන්නේ.
මෙම කණ්ඩායමේ සාමාජිකයින් ඔවුන් සාදාගත් යතුරු භාවිතා කරමින් නානකාමරවල ගනුදෙනුකරුවන්ගේ ලොකර් විවෘත කර ඔවුන්ගේ ණයපත් විශාල ප්‍රමාණයක් සොරකම් කර තිබෙනවා.
මෙමඟින් සිදු වී ඇති පාඩුව අවම වශයෙන් ඩොලර් මිලියන 100ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.