"Ippudo" වාර්තාගත ලාභයක් අපේක්ෂා කරයි


"Ippudo" ramen shop පවත්වාගෙන යන Chikaranomoto Holdings යෙන් බිලියන 1.3 ක වාර්තාගත ලාභයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

.

ජපානයේ මේ වසරේ ජූලි මාසයේදී රාමන් සහ මධ්‍යසාර පානවල මිල ඉහළ නංවනු ලැබුවද පාරිභෝගිකයින් සංඛ්‍යාව වැඩි වූ අතර පවතින වෙළඳසැල්වල විකුණුම් ද වැඩි විය.  

ඒ හේතුවෙන් "Ippudo" ramen shop පවත්වාගෙන යන Chikaranomoto Holdings 2023 මාර්තු අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා යෙන් බිලියන 1.3 ක වාර්තාගත ලාභයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

එමෙන්ම මෙම සමාගම විදේශයන්හි අලෙවිසැල් 140ක් පවත්වාගෙන යනු ලබන අතර ඒවායේ ද පාරිභෝගිකයන් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් ඇති බවයි වාර්තා වෙන්නේ.

 

71 Views

Comments