ජපානය වසර 2ක තහනමකින් පසු ජාත්‍යන්තර නෞකාවන් භාර ගැනීමට තීරණය කරයි


ජපානය ජාත්‍යන්තර කෲස් නැව්වලට සිය වරායන්හි නැව්ගත කිරීමට ඉඩ දෙන බව ප්‍රවාහන අමාත්‍ය ටෙට්සුඕ සයිටෝ ඊයේ(15) ප්‍ර

.

ජපානය ජාත්‍යන්තර කෲස් නැව්වලට සිය වරායන්හි නැව්ගත කිරීමට ඉඩ දෙන බව ප්‍රවාහන අමාත්‍ය ටෙට්සුඕ සයිටෝ ඊයේ(15) ප්‍රකාශ කර සිටියා.

ඒ රට තුළ කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා COVID-19 වසංගතය ආරම්භයේදී පනවා තිබූ වසර දෙකකට වැඩි තහනමක් ඉවත් කරමිනුයි.

ඒ අනුව නෞකාවක සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් වෛරසයට එරෙහිව තුන් වරක් එන්නත් කළ යුතු අතර මගීන්ගෙන් 95% කට වඩා වැඩි පිරිසක් මාර්ගෝපදේශ යටතේ අවම වශයෙන් දෙවරක් එන්නත් කළ යුතුය.

එමෙන්ම ආසාදනය වී ඇතැයි සැක කරන මගීන් පරීක්ෂාවට ලක් කළ යුතු අතර ධනාත්මක ප්‍රතිඵල ඇති අය සහ ඔවුන්ගේ සමීප සම්බන්ධතා නිරෝධායනය කළ යුතුය.

මෙම මාර්ගෝපදේශ බෝවන රෝග සහ අර්බුද කළමනාකරණ විශේෂඥයින් විසින් පරීක්ෂා කරන ලද අතර ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශය සහ අදාළ රාජ්‍ය ආයතන විසින් සමාලෝචනය කරන ලදී.

 

86 Views

Comments