ජපාන සමාගමකට වියට්නාම කතුන් පිරිසකගෙන් චෝදනාවක්


වියට්නාම කාර්මික අභ්‍යාසලාභීන් කණ්ඩායමක් ඊයේ(16) මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

.

තම සේවා ස්ථානය විසින් අතිකාල සඳහා යෙන් මිලියන 27 ක මුදලක් තමන්ට නොගෙවූ බව පවසමින් වියට්නාම කාර්මික අභ්‍යාසලාභීන් කණ්ඩායමක් ඊයේ(16) මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

බටහිර ප්‍රාන්තයේ Ehime හි Seiyo හි Koshimizu Hifukukogyo නම් අදාල ආයතනයේ සේවය කරන ඔවුන් අවුරුදු 20 සිට 40 දක්වා වයස්වල පසුවන කාන්තාවන් පිරිසක්.

මුලදී මොවුන් එක් අයෙකුට යෙන් මිලියන 2.2 ත් 2.6 ත් අතර මුදලක් ගෙවන බව පැවසුවත් පසුව අදාල සමාගම බංකොලොත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් 32 හැවිරිදි Doan Thi Thu Nga කියා සිටියේ කෙසේ හෝ සමාගම විසින් අදාල මුදල් ගෙවිය යුතු බවයි. තවද NPO හි ආධාරකරුවෙකු වන Jiho Yoshimizu පැවසුවේ අදාල කාන්තාවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමට දිගටම කටයුතු කරන බවයි.

86 Views

Comments