හිසාකෝ කුමරියට කොවිඩ් වැළඳේ


හිසාකෝ කුමරිය කොරෝනා වයිරසයට ගොදුරු වී තිබෙන බව ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය ඊයේ(16) ප්‍රකාශ කර සිටියා.

.

හිටපු අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඥාති සොහොයුරියගේ වැන්දඹු බිරිඳ වන හිසාකෝ කුමරිය කොරෝනා වයිරසයට ගොදුරු වී තිබෙන බව ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය ඊයේ(16) ප්‍රකාශ කළේ ඇය ජපාන අධිරාජ්‍ය පවුල තුළ පස්වන COVID-19 ආසාධිතයා බවට පත් කරමිනි.

69 හැවිරිදි කුමරියට සෙල්සියස් අංශක 38 දක්වා උණක් තිබූ අතර තවමත් උගුරේ යම් අපහසුතාවයක් දැනෙන නමුත් ඇගේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 36 දක්වා පහත වැටී ඇති බව ඒජන්සිය පවසනවා.

සෙනසුරාදා දක්වා සිය නිවසේ සුවය ලබන හිසාකෝ කුමරිය සිකුරාදා පැවැත්වෙන සමස්ත ජපාන අන්තර් මධ්‍ය පාසල් ඉංග්‍රීසි කථික තරගයට පැමිණීම අවලංගු කර තිබෙනවා

කෙසේවෙතත් ජපානය පාපන්දු ලෝක කුසලානයේ ක්‍රීඩා කිරීම නැරඹීම සඳහා නොවැම්බර් 26 සිට කටාර් වෙත යාමට නියමිතව තිබූ ඇයගේ සංචාරයේ වෙනසක් සිදු නොවන බවයි ඒජන්සිය පවසා සිටියේ.

102 Views

Comments