Mandarake වෙළඳසැල manga සහ aneme කලා පොත් සඳහා වඩාත් ප්‍රසිද්ධය.
නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් සතුව සීඩී තැටි, පුවරු ක්‍රීඩා, සෙල්ලම් බඩු, සහ සඟරා ඇතුළුව භාවිත කරන ලද පොප් සංස්කෘතික වෙළඳ භාණ්ඩ සහ විනෝදාස්වාද මාධ්‍ය විශාල ප්‍රමාණයක් ඇත.
කෙසේවෙතත් 2021 සහ 2022 වසරවලදී Madarake විසින් "අසභ්‍ය දර්ශණ" අඩංගු පොත් හයක් විකුණා ඇති බව සොයාගෙන ඇති අතර ඒවා විකිණීම නීතියෙන් තහනම් කර ඇති අතර මැයි මාසයේදී ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිසිය මැන්ඩ්රේක් හි සභාපතිවරයාට මෙන්ම තවත් සේවකයින් හතර දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.
ටෝකියෝ Madarake ශාඛා දෙකක එකක් ෂිබුයාහි සහ අනෙක නකානෝහි ඇති අතර ඒවායේ පොත් හය දළ වශයෙන් යෙන් 74,000 කට අලෙවි විය.
මෙම කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු ටෝකියෝ මෙට්‍රොපොලිටන් මහජන ආරක්ෂණ කොමිසම නොවැම්බර් 18 සිට මැයි 16 දක්වා දින 180ක් සඳහා “වැඩිහිටි විනෝදාස්වාද මාධ්‍ය” විකිණීම තහනම් කරන ලෙස වෙළඳසැල් දෙකටම නියෝග ලබා දී තිබේ.