අබේට වෙඩි තැබූ පුද්ගලයා තවදුරටත් අත්අඩංගුවේ


හිටපු අගමැති ෂින්සෝ අබේට මාරාන්තික ලෙස වෙඩි තැබූ පුද්ගලයා තවදුරටත් රඳවා තබා ගැනීම අධිකරණය විසින් දීර්ඝ කළ බව ඊයේ(17) වාර්තා වුණා.

.

හිටපු අගමැති ෂින්සෝ අබේට මාරාන්තික ලෙස වෙඩි තැබූ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයාගේ මානසික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා ඔහු රඳවා තබා ගැනීම අධිකරණය විසින් දීර්ඝ කළ බව ඊයේ(17) වාර්තා වුණා.

ඒ අනුව 42 හැවිරිදි Tetsuya Yamagami නම් මොහු නොවැම්බර් 29 වෙනුවට පෙබරවාරි 6 දක්වා රඳවා තබා ගන්නා බවයි වාර්තා වන්නේ.

ජුලි 8 දා නාරා නගරයේ මැතිවරණ ප්‍රචාරක දේශනයක් පවත්වමින් සිටියදී අබේට වෙඩි තැබීමෙන් පසු yamagami මිනීමැරුම සම්බන්ධයෙන් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගනු ලැබුවා.

 

80 Views

Comments