හිටපු ඔලිම්පික් ක්‍රීඩිකාවකගෙන් ආදර්ශයක්


හිටපු ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන Kana ichikawa ධාවන පථ සහ පිටිය පුහුණුකාරිණියක ලෙස සේවය ආරම්භ කර තිබෙනවා.

.

හිටපු ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන 31 හැවිරිදි Kana ichikawa Chukyo විශ්ව විද්‍යාලයේ ධාවන පථ සහ පිටිය පුහුණුකාරිණියක ලෙස සේවය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩිකාවන්ගේ කැමැත්තෙන් තොරව අනවශ්‍ය ඡායාරූප ලබා ගැනීමට අපේක්ෂා කරන ඡායාරූප ශිල්පීන්ගෙන් තම ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීමටද ඇය කටයුතු අරඹා තිබෙනවා.

පසුගිය මැයි මස අගදී විශ්ව විද්‍යාල ධාවන පථ සහ පිටිය තරගයකදී මිනිසෙක් හොර රහසේ අවසන් රේඛාව පසුකර වැටී සිටි ක්‍රීඩිකාවකගේ ඡායාරූප ගන්නා ආකාරය ichikawa දැක තිබෙනවා. පසුව ඇය විසින් එම පුද්ගලයාව අල්ලා සංවිධායකයින්ට භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

144 Views

Comments