Gyōza chain සභාපති ඝාතනය සම්බන්ධයෙන් අපරාධ කල්ලි සාමාජිකයෙකුට අධිචෝදනා


ජපාන අධිකරණය විසින් Gyōza chain සභාපති ඝාතනය සම්බන්ධයෙන් අපරාධ කල්ලි සාමාජිකයෙකුට අධිචෝදනා ගොනුකර තිබෙනවා.

.

2013 දී කියෝතෝහිදී ඝාතනය කරන ලද gyōza dumpling අවන්හල් ජාලයේ Ohsho Food Service හි සභාපති Takayuki Ohigashi ඝාතනය සම්බන්ධයෙන් ජපාන අධිකරණය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකුට අධිචෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

56 හැවිරිදි යුකියෝ ටනාකා නම් මොහු සිද්ධියෙන් වසර නවයකට පමණ පසු පසුගිය ඔක්තෝබර් මස අගදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු 2008 වසරේ සාමාන්‍ය කොන්ත්‍රාත්කරු ඔබාෂිගේ කියුෂු ශාඛාවට අයත් මෝටර් රථයකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උමි නගරයේ ෆුකුඕකා බන්ධනාගාරයේ වසර 10ක සිර දඬුවමක්ද විඳිමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

74 Views

Comments