ජපානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයේ සාමාජිකත්වය 2030 දක්වා දීර්ඝ කරයි  


ජපානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයේ සාමාජිකත්වය 2030 දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වනවා.
 

.

ජපානය විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන(ISS) වැඩසටහනට සිය සහභාගීත්වය ලබාදීම 2030 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන හා විද්‍යා අමාත්‍ය Keiko Nagaoka ඊයේ(18) ප්‍රකාශ කර තිබෙනවා.

රුසියාව, කැනඩාව, ජපානය සහ රටවල් 11 ක යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වන Washingtonහි වැඩසටහන් හවුල්කරුවන් අතර සහභාගීත්වය දීර්ඝ කිරීම සඳහා U.S. හා එක්වන පළමු රට ජපානයයි.

මේ අනුව ජපන් ගගනගාමියෙකු ආටෙමිස් වැඩසටහන සඳහා සංවර්ධනය වෙමින් පවතින ගේට්වේ වෙත යන අතර ජපානය එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා බැටරි සහ අනෙකුත් උපකරණ සපයනු ඇත.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සහ අගමැති ෆුමියෝ කිෂිඩා මැයි මාසයේදී සඳ මතුපිට මෙහෙයුම් ඇතුළු වැඩසටහනට ජපන් ගගනගාමියෙකු ඇතුළත් කිරීමට ද එකඟ වී තිබෙනවා.

80 Views

Comments