තෝකියෝ හි නව කොවිඩ් රෝගීන් 8,292 ක් හමු වෙයි.


සතියකට පෙර වාර්තා වූ රෝගීන් ගණනට වඩා මේ සතිය තුල රෝගින් 393 කින් ඉහළ ගොස් ඇත

.

තෝකියෝ හි සිකුරාදා  COVID-19 රෝගීන් 8,292 ක් තහවුරු කර ඇති අතර සතියකට පෙර වාර්තා වූ රෝගීන් ගණනට වඩා මේ සතිය තුල රෝගින්න් 393 කින් ඉහළ ගොස් ඇති අතර ජපානය එහි අටවන ආසාදන රැල්ල සඳහා සූදානම් වේ.

තෝකියෝ හි නව කොවිඩ් මරණ 9 වාර්තා වී ඇති අතර දැඩි ලෙස රෝගාතුර වූ රෝගීන් 19 ක් ප්‍රථිකාර ලබමින් සිටී.

සතිය ආරම්භයේ සිට බදාදා දක්වා කාලය තුළ වාර්තා වූ රටපුරා ආසාදිතයින් ගණන පෙර සතියට වඩා 1.24 ගුණයකින් වැඩි වූ අතර, එම කාලය තුළ රටේ ප්‍රාන්ත 47 න් 46 ක්ම තුළම ආසාදිතයින් ගණන ඉහළ යාමක් සනිටුහන් කරන බව විශේෂඥයින් වාර්තා කළේය.

 
140 Views

Comments