උතුරු කොරියා මිසයිලය ජපානය අසල මුහුදට වැටිලා


ජපානයට අනතුරක් වන අයුරින් උතුරු කොරියාව දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය.

.

ජපානයට අනතුරක් වන අයුරින්, උතුරු කොරියාව දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. මිසයිලය පතිත වූයේ ජපානය අසල මූදටය.

‘උතුරු කොරියාව යළිත් වරක් අපට අනතුරක් වන ආකාරයට මිසයිල අත්හදා බැලීමක් කළා. මිසයිලය පතිත වූයේ හොකයිඩෝ දූපතට ඔබ්බෙන් මුහුදට' යැයි මිසයිල අත්හදා බැලීම හෙලා දකිමින් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.

මිසයිල අත්හා බැලීමෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි.

මිසයිලය පතිත වී ඇත්තේ හොක්කයිදෝ දූපතේ බටහිර දෙසින් පිහිටි මුහුදු කලාපයටය. ජපානය දූපත් සමූහයකින් සැදුම්ලත් දූපත් රාජ්‍යයකි. හොක්කයිදෝ යනු එම දූපත් අතරින් දෙවැනියට විශාලතම දූපතය. ජපානයේ වෙළෙඳ කටයුතු සිදුවන්නේ මෙම මුහුදු කලාපය කේන්ද්‍රකොට ගනිමිනි.

දින දෙකක් ඇතුළත උතුරු කොරියාව ජපානයට තර්ජනයක් වන ආකාරයට සිදු කළ දෙවැනි දිගු දුර මිසයිල අත්හදා බැලීම මෙය යැයි පැවැසෙයි.

‘අපි උතුරු කොරියාවට අපේ දැඩි විරෝධය පළ කරනවා. උතුරු කොරියාව අපට අනතුරක් වන ආකාරයට මිසයිල අත්හදා බැලීම් වහා නවත්වන්න ඕනෑ’ යැයි ජපාන අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
ජපානයට තර්ජනයක් වන ආකාරයට උතුරු කොරියාව දිගු දුර මිසයිල අත්හදා බැලීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි දකුණු කොරියාව සහ ඇමෙරිකාව ද විශේෂ ප්‍රකාශ නිකුත් කර තිබේ.

(රොයිටර්)

Comments