අසල්වැසියාගේ බෙල්ලට කතුරකින් අනී


46 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

.

අසල්වැසියාගේ බෙල්ලට කතුරකින් ඇන ඝාතනය කිරීමට තැත් කල ස්වයං රැකියාවක නියුතු 46 හැවිරිදි Tamaki Haruna නැමති අයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 60 පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයා මෝටර් රථය තුළ සිටින විට Tamaki Haruna  මෝටර් රථයේ ජනේලයේ හිඩැසෙන් කතුරකින් ඇන ඇත.

Tamaki ඇගේ නිවසට යාබද වෙළඳසැලක කොණ්ඩා මෝස්තර සැලුන් එකක් පවත්වාගෙන යන අතර පහර දීමෙන් පසු ඇය විසින්ම එම සිද්ධිය පොලිසියට වාර්තා කර පවසා ඇත්තේ තම අසල්වැසියා සමග ඇයට ගැටලුවක් තිබෙන නිසා ඇය ඔහුට කතුරෙන් පහර දුන් බවයි.

කෙසේ වෙතත් පොලිසිය මේ පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.

 

126 Views

Comments