ටෝකියෝ ඇතුළු තදාසන්න නගරවල වේගයෙන් පැතිර යන ඔමික්‍රොන් වෛරස ව්‍යාප්තිය හමුවේ ටෝකියෝ, ඔසාකා සහ අනෙකුත් ජනාකීර්ණ ව්‍යාපාරික නගර වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මහත් අර්බුද රාශියකට මුහුණ දී තිබේ.
සේවකයන්ගෙන් බහුතරයක් ආසාදිතයින් වීම නිසා සිය වැඩ කටයුතු දෛනිකව පවත්වාගෙන යාමේ විශාල අපහසුතා තමන්ට මතුව ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික හිමියන් පවසයි. පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුව නිසාත් තමන්ගේ ව්‍යාපාර බංකොලොත් වීමේ අවදානමකට ද මුහුණ දී ඇතැයි ඔවුන් වැඩිදුරටත් පවසයි. ටෝකියෝ පාලනාධිකාරියෙන් ඊට විකල්පයක් ලෙස ව්‍යාපාර වල දෛනික ක්රියාකාරිත්වයන් ක්රියාකාරීත්වයන් පවත්වාගෙන යාමට විකල්ප කාර්ය මණ්ඩල ලබාදීමේ වැඩපිළිවෙළක් පවත්වාගෙන යනු ලබයි.