විදේශ රැකියා පොළ


ජපානයේ රැකියා කිරීමට කැමති ශ්‍රී ලාංකිකයින් සඳහා

.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සංචාරයෙන් පසුව, ජපානයේ රැකියා සඳහා විදේශීය ශ්‍රමිකයින් බඳවා ගනු ලබන ප්‍රධාන පෙලේ ආයතනයක් වන පැසෝනා ආයතනය ලංකාවට විවෘත කිරීමේ හැකියාව ලැබී තිබේ.

ජපාන රැකියා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට වැඩි වශයෙන් විවෘත කර දෙන ලෙසට අමාත්‍යවරයා කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර මේ වන විට ලැබෙමින් පවතී.

ඒ අනුව ඉදිකිරීම්, ගොඩනැගිලි පවිත්‍රතා හා කෘෂිකර්මාන්ත හා ආපන ශාලා, මෝටර් රථ නඩත්තු ඇතුළු ඉලක්කගත විශේෂිත නිපුණතා ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

ඒ සඳහා වන මූලික දැනුවත් කිරීමේ සැසියක් නොවැම්බර් මස 26 හා 27 වන දිනයන් හි Zoom ක්‍රමය ඔස්සේ පැවැත්වේ.

151 Views

Comments