ජපානයේ දිගම දිය යට අධිවේගී මාර්ගය


Tokyo Wan Aqua-Line අධිවේගී මාර්ගය
ජපානයේ ජලය  යටින් ඉදිකර ඇති  දිගම අධිවේගී මාර්ගය වේ.  එය  Kawasaki සිට Nakajima හරහා Kisarazu දක්වා

.

Tokyo Wan Aqua-Line අධිවේගී මාර්ගය

ජපානයේ ජලය  යටින් ඉදිකර ඇති  දිගම අධිවේගී මාර්ගය වේ.  එය  Kawasaki සිට Nakajima හරහා Kisarazu දක්වා  දිවෙන15.1kmක් දිග මාර්ගයකි. ද්වීත්ව මන්තීරු දෙකකින් සමන්විත මෙහි වේගය උපරිම පැයට කිලෝමීටර් 80 ක් වේ. වර්ෂ 1997 දෙසැම්බර් 18 වන දින විවෘත කළ මෙහි  ඉදිකිරීම් සදහා සම්පූර්ණ පිරිවැය දළ වශයෙන් යෙන් ට්‍රිලියන 1.44 ක් වන අතර මෙය ලොව විශාලතම සමුද්‍ර ඉදිකිරීම් ව්‍යාපෘති වලින් එකකි.

 

එහි ඉදිකිරීම්  ආසන්න වශයෙන් වසර 20 ක සමීක්ෂණවලින් සහ වසර 10 ක කාලයක් පුරා  අති නවීන තාක්‍ෂණයන් යොදා ගනිමින් සිදු කර ඇත.තවද මෙය   බොහෝ නව තාක්ෂණයන් සහ ඉදිකිරීම් ක්‍රම දියුණු කර බොහෝ අභියෝග මධ්‍යයේ  ක්‍රියාත්මක කරන ලද අතර, එහි ඉදිකිරීම් "සිවිල් ඉංජිනේරු විද්‍යාවේ ඇපලෝ ව්‍යාපෘතිය" ලෙසද හැඳින්වේ.  

 

Tokyo Wan Aqua-Line අධිවේගී මාර්ගය ජලය යටින් කිලෝමීටර් 10 ක් දිග උමං මාර්ග සහ ජලය හරහා කිලෝමීටර 5 ක් දිග පාලමකින් (Aqua Bridge) යන කොටස් දෙකකින් සමන්විත වේ. 

298 Views

Comments