පිලිකා රෝගීන්ටත් සාර්ථකව දරුවන් ලැබිය හැකි ක්‍රමයක් ජපානයෙන්


පිළිකා රෝගීන් තිදෙනෙකු පිළිකා ප්‍රතිකාර කරන අතරතුර සාර්ථකව දරු ප්‍රසූතියක් සිදු කර ඇති බව ජපානයෙන් වාර්තා වනවා.

.

වයස අවුරුදු 30 සහ 40 වයස්වල පසුවන පිළිකා රෝගීන් තිදෙනෙකු පිළිකා ප්‍රතිකාර කරන අතරතුර ශීත කළ ඩිම්බ කෝෂ භාවිතයෙන් සාර්ථකව දරු ප්‍රසූතියක් සිදු කර ඇති බව ජපානයෙන් වාර්තා වනවා.

ඒ කවාසාකි හි ශාන්ත මරියානා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ සිදු කරන ලද සායනික අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙසයි.

පිළිකා රෝගයට මුහුණ දුන් කාන්තාවන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක් ලබාදීමට මෙමගින් හැකි බවයි වෛද්‍ය විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ මහාචාර්ය Nao Suzuki පවසා සිටියේ.

 

124 Views

Comments