සැහැල්ලු ගුවන් යානයක් කඩාවැටීමෙන් දෙදෙනෙක් මරුට


අද උදෑසන සැහැල්ලු ගුවන් යානයක් කඩාවැටී තිබෙනවා.

.

අද(20)  පෙරවරු 11:25 ට පමණ ඉබරාකි ප්‍රාන්තයේ බන්ඩෝ සිටි හසේ පිටියේදී අල්ට්‍රා ලයිට් ගුවන් යානයක් (අල්ට්‍රා ලයිට් ප්ලේන්) කඩා වැටී තිබෙනවා.

ප්‍රාන්ත පොලිසිය සහ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව යානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයන් දෙදෙනාගේ අනන්‍යතාව සහ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

181 Views

Comments