ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා ඉවත් කිරීමට වැඩසටහනක්


පෙරේදා(19) දින ලොව පුරා ජාත්‍යන්තර පිරිමි දිනය සමරන අතරතුර ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා ඉවත් කිරීමට පෙරමුණ ගැනීමට පිරිමින් දිරිමත් කරන ජපන් ව්‍යාපෘතියක් සති අන්තයේ දියත් කෙරුණා.

.

පෙරේදා(19) දින ලොව පුරා ජාත්‍යන්තර පිරිමි දිනය සමරන අතරතුර ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා ඉවත් කිරීමට පෙරමුණ ගැනීමට පිරිමින් දිරිමත් කරන ජපන් ව්‍යාපෘතියක් සති අන්තයේ දියත් කෙරුණා.

සමාජ ව්‍යවසායකයෙකු වන Genki Katsube විසින් ආරම්භ කරන ලද #MenWithWomen නම් මෙම ව්‍යාපෘතිය මගින් ආයතන තුළ සමාන තනතුරු බෙදා හැරීම සහතික කිරීම, කාන්තාවන්ට වෙළඳ භාණ්ඩ මෙන් නොසැලකීම, ලිංගික අනුග්‍රහය නොසොයා ගැනීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හැසිරීම් අපේක්ෂා නොකිරීම වැනි චර්යාත්මක මූලධර්ම 15ක් ප්‍රවර්ධනය කෙරෙනවා.

"අපට අවශ්‍ය වන්නේ මිනිසුන් වෙනස් කොට සැලකීම සහ ලිංගික අපයෝජන තුරන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහස් වර්ධනය කර ගැනීමයි" Katsube මේ පිළිබඳව අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියා.

 

73 Views

Comments