covid ආසාදනයන් අඩු කර ගැනීමට  ආණ්ඩුකාරවරයාගෙන් සැලසුම්


ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන්  ජපානය පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර  යන කොරෝනා වෛරසය පාලනය කර ගැනීමට  tokyo  ආණ්ඩුකාර?

.

ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන්  ජපානය පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර  යන කොරෝනා වෛරසය පාලනය කර ගැනීමට  tokyo  ආණ්ඩුකාරතුමිය විසින් සැලසුම් ඉදිරිපත් කර තිබේ.  විශේෂයෙන්ම පවුල තුළ  එක් සාමාජිකයෙක්ගෙන් තවත් සාමාජිකයෙක්ට  කොරෝනා ආසාදනය වළක්වා ගැනීමට  මෙලෙස සැලසුමක් ඉදිරිපත් කර ඇත.

 

පවුල තුළ යම් වැඩිහිටියෙකුට කොරෝනා  ආසාදනය වුණි නම්  ඔහුගෙන්  අනිත් සාමාජිකයන්ට පැතිරීම වළක්වා ගැනීමට ඔහු හුදකලා කිරීමට ක්‍රියාමාර්ගයක් ලෙස  එම පුද්ගලයාට සහනදායි මිලකට හෝටල් පරිශ්‍රය ක රැඳී  ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට  ආණ්ඩුකාරතුමිය  සැලසුම් කොට ඇත.

 

Tokyo නුවරින්  දෛනිකව ඉතා විශාල ආසාදිතයන් පිරිසක්  මේ වන විටත් වාර්තා වන මොහොතක  එය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. මේ වන විට  ආසාදිතයන් 95000කට වඩා ජපානය පුරා වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 101කි. පසුගිය ජුනි මාසයෙන් පසුව මෙතරම් මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

 

262 Views

Comments