යෙන් 400,000 වංචාව


තම මවගේ වෛද්‍ය වියදම් ගෙවන ලෙස පවසා ඇත

.

පසුගිය 19 වැනිදා පස්වරුවේ ෂිගා ප්‍රාන්තයේ හිකෝන් ප්‍රදේශයේ 54 හැවිරිදි සමාගම් සේවකයෙකුට තම මවගේ වෛද්‍ය වියදම් සඳහා මුදල් ගෙවන ලෙස පවසා සිදු කල වංචාවක් පොලිසියට වාර්තා විය.

මෙම පුද්ගලයා සිය මව බලාගැනීම සඳහා දෙමාපියන්ගේ නිවසට පැමිණෙමින් සිටියදී එක් අයෙක් කතා කර පවසා ඇත්තේ ඉතා ඉක්මනින් තම මවගේ  වෛද්‍ය වියදම් සඳහා යෙන් ලක්ෂ හතරක පමණ මුදලක් ගිණුමකට බැර කරන ලෙසයි.

දුරකථන ඇමතුම් දුන් පුද්ගලයා විදේශිකයෙකුගේ ගිණුම් විස්තර එවීමත් සමග සමාගම් සේවකයාට මේ පිළිබඳව සැකයක් ඇති නිසා ඔහු පොලිසියට දැනුම් දී ඇත.

පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර නොදන්න ගිණුම් වලට මුදල් බැර කිරීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

91 Views

Comments