සියදිවි නසාගැනීම් වැලැක්වීමට ජපානයෙන් නව ක්‍රමයක්


මධ්‍යම ජපානයේ බලධාරීන් විසින් රටේ දිගුකාලීන සියදිවි නසාගැනීමේ ගැටලුව විසඳීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

.

මධ්‍යම ජපානයේ බලධාරීන් විසින් රටේ දිගුකාලීන සියදිවි නසාගැනීමේ ගැටලුව විසඳීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ වැසිකිලි කඩදාසි මත සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ආධාරක පණිවිඩ මුද්‍රණය කිරීමයි.

සියදිවි නසා ගැනීම ජපානයේ දිගුකාලීන ගැටලුවක් වන අතර කොරෝනා වසංගතයේ කාලයේදී සියදිවි නසාගැනීම් හේතුවෙන් රට තුළ මරණ වැඩිවීමක් දක්නට ලැබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සියදිවි නසාගැනීම්වලින් මිය යන ප්‍රාථමික, මධ්‍යම සහ උසස් පාසල් සිසුන් සංඛ්‍යාව 2020 දී 499 ක් බවයි වාර්තා වන්නේ. 

මේ හේතුවෙන් වැසිකිලි කඩදාසි පත්‍රවල සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ක්ෂණික දුරකථන අංක සහ පණිවිඩ මුද්‍රණය කිරීම පීඩාවට පත් තරුණයින්ට උපකාර කිරීම සඳහා ඵලදායී සහ නුවණැති ක්‍රමයක් වී තිබෙනවා.

 

106 Views

Comments