ජපන් තරුණ තරුණියන් අධිකරණ වෛද්‍ය විද්‍යාවට වැඩි නැඹුරුවක්


ජපාන තරුණ තරුණියන් අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ වෘත්තියන් කිරීමට වඩාත් පෙළඹී තිබෙනවා.

.

ජපාන තරුණ තරුණියන් අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ වෘත්තියන් කිරීමට වඩාත් පෙළඹී තිබෙනවා.

ඒ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳ රූපවාහිනී නාට්‍ය, සැකසහිත මරණ පිලිබඳ අභිරහස් හෙළිදරව් කිරීම් පිලිබඳ වාර්තා වැඩසටහන් ආදිය ජපන් සමාජය තුල වඩාත් ප්‍රචලිත වීම හේතුවෙනුයි.

Nagoya city විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන Yasuhiro Aoki පැවසුවේ අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රය කෙරෙහි මහජනතාව දිගු කලක් තිස්සේ එතරම් උනන්දුවක් නොදැක්වූ නමුත් මෙම රූපවාහිනී කතා මාලා හරහා ඔවුන්ගේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගැනීමට ඇති ආශාව වැඩි වී ඇති බවයි.

කෙසේවෙතත් මෙම ක්ෂේත්‍රයේ ඇති රැකියා පුරප්පාඩු සංඛ්‍යාව ඉතාම අල්ප බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

90 Views

Comments