පාපැදිකරුවන් තෝකියෝවේ දේදුනු පාලම තරණය කරයි


1993 න් පසු ප්‍රථම වතාවට මෙය සිදු කරයි

.

අද තෝකියෝ හි පැවති පාපැදි ඉසව්වකට පුද්ගලයින් 2,000 ක් පමණ සහභාගී වූ අතර  1993 දී විවෘත කිරීමෙන් පසු ප්‍රථම වතාවට පාපැදිකරුවන්ට ප්‍රථම වරට සංකේතාත්මකව  දේදුණු පාලම තරණය කිරීමට අවසර දී ඇත.

පසුගිය ගිම්හානයේදී අගනුවර පැවති ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලේ උරුමයේ කොටසක් ලෙස තෝකියෝ මෙට්‍රොපොලිටන් රජය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

උත්සවය විවෘත කළ තෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ පැවසුවේ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් තුළ තෝකියෝවේ පාපැදි පැදීම මගින් විනෝද වීමට හැකි බව පෙන්වීමට බලාපොරොත්තු වන බවයි.

86 Views

Comments