කුඩා ළමුන් සඳහා මුඛ ආවරණ පැළඳීමට නිශ්චිත වයසක් නිර්දේශ නොකර සිටීමට covid පිළිබඳ ජපාන විශේෂඥ කමිටුව තීරණය කර ඇත. ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් සමාජය තුළ පොකුරු ලෙසින් දැන් බිහි වීමේ හැකියාවක් ඇති අතර එය හැකි තාක් දුරකට වළක්වා ගැනීමට පසුගිය සිකුරාදා රජය විසින් පෙර පාසල් , දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා හෙද පහසුකම් ලබා දීමේ ස්ථානවලට අනුගමනය කළ යුතු නව ක්‍රියාපටිපාටියක් හඳුන්වා දෙන ලදී .
විවිධ දරුවන්ට ඇති විවිධාකාර සෞඛ්‍ය ගැටලු හේතුවෙන් රජයට මුඛ ආවරණ පැළඳිය යුතු නිශ්චිත වයසක් නිර්දේශ කළ නොහැකි බවත් එනමුදු ඒවා පැලැඳ අපහසුවකින් තොරව හුස්ම ගැනීමේ හැකියාවක් සහිත සියලුම දරුවන්ට ඒවා පැළඳීම නිර්දේශ කරන බවත් වැඩිදුරටත් ඔවුන් පවසා තිබිණි.