ජපාන රජය විද්වතුන්, නගර සභා ප්‍රධානීන් සහ නීතිඥයින්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් පිහිටුවා තිබෙනවා.
ඒ රටේ ගැටලුකාරී වී ඇති විදේශීය තාක්ෂණික සීමාවාසික වැඩසටහන සමාලෝචනය කර එය වැඩිදියුණු කිරීමටයි.
විදේශීය ශ්‍රමිකයන්ට හිරිහැර කිරීම සහ අපයෝජනය කිරීමේ සිද්ධීන් සංඛ්‍යාව වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස දශක ගණනාවක් පැරණි මෙම වැඩසටහන සඳහා දේශීය හා විදේශීය විවේචනද වැඩිවෙමින් පවතිනවා.
මේ හේතුවෙන් විදේශීය මානව සම්පත් ක්‍රමවත්ව ලබා ගැනීම සඳහා ගතයුතු සුදුසු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම කමිටුව සූදානම්ව සිටිනවා.