තෝකියෝ හි නව උමං මාර්ගයක් ඉදිකිරීමට නියමිතයි


2040 වන විට වැඩ කටයුතු නිම කිරීමට සැලසුම් කරයි

.

ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය අගනුවර සිට ජලාශ්‍රිත දිස්ත්‍රික්ක දක්වා දිවෙන නව උමං මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව බලධාරීන් පවසයි.

Ginza, Tsukiji සහ Toyosu ඇතුළු දිස්ත්‍රික්කවල නැවතුම් සැලසුම් කර ඇති උමං මාර්ගය ටෝකියෝ දුම්රිය ස්ථානයේ සිට Ariake දක්වා දිව යයි.

2040 වර්ශයේ මුල් භාගයේදී දුම්රිය ස්ථාන හතකින් යුත් මාර්ගයේ මෙහෙයුම් දියත් කිරීමට මෙට්‍රොපොලිටන් රජය අපේක්ෂා කරන අතර එය කිලෝමීටර 6ක් පමණ දිග වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සැලසුම් කරන ලද මාර්ගය සඳහා වන පර්යන්තය JR ටෝකියෝ දුම්රිය ස්ථානයට ඊසාන දෙසින් පිහිටි නව දුම්රිය ස්ථානයක් වන අතර, එය Shinkansen සහ අනෙකුත් ප්‍රාදේශීය දුම්රිය ජාල වෙත මගීන්ට පහසු සම්බන්ධතා ලබා දෙනු ඇත.

99 Views

Comments