ඊයෙ සවස 2:15 ට පමණ ෆුකුෂිමා පොලිසිය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට ෆුකුෂිමා නගරයේ හිගෂිහාමා-චෝ හි රැකියාවක නිරත 83 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
2021 ඔක්තෝම්බර් මස අගදී ඔහු බෞද්ධ භික්ෂුවක් යැයි කියමින් නගරයේ සිට තවත් වයස අවුරුදු 40 ක පුද්ගලයෙකුට භික්ෂු බලපත්‍රයක් ලබා දෙන බවට පවසමින් සිදු කල වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ සඳහා යෙන් 200000 පමණ වැය වන බව පවසා 2021 නොවැම්බර් 7 වනදා මුදල් ලබා ගෙන ඇති අතර මුදල් ලබා දීමෙන් පසු 83 හැවිරිදි පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා 40 හැවිරිදි පුද්ගලයා පොලිසියට මේ සම්බන්ධව පැමිණිල්ලක් ගොනු කර ඇත.
83 හැවිරිදි පුද්ගලයාගේ අනන්‍යතාවය පොලිසිය විසින් ප්‍රකාශ කර නොමැත.