ඔමික්‍රොන් තවත් වර්ග වෙයි?


මේ වන විට ටෝකියෝ ඇතුළු ජපානයේ විශාල නගර ප්‍රමාණයක පැතිරෙමින් පවතින ....

.

මේ වන විට ටෝකියෝ ඇතුළු ජපානයේ විශාල නගර ප්‍රමාණයක පැතිරෙමින් පවතින කොවිඩ් 19 ප්‍රභේදයක් වන ඔමික්‍රොන් සම්භන්ධව ජපාන වෛද්‍ය විශේෂඥයන්ගේ  ගේ නවතම වාර්තා පෙන්වා සිටින්නේ ඔමික්‍රොන් වෛරසය තවත් ප්‍රභේද වලට බෙදීමේ වැඩි අවධානමක් පවතින බවයි. 

මේ වන විට ජපානයේ පැතිර යන ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය BA.1 ලෙස හඳුනාගෙන ඇති අතර එය තවත් වර්ගීකරණය වී ඇති බවක් පර්යේෂණ වලින් පෙනී ගොස් ඇති බව වාර්තා වේ. ජපානය තුල මෙකී ප්‍රභේදය ඔමික්‍රොන්  BA.1.1 ලෙස බෙදී ඇති බවත් සමහර ආසියානු සහ යුරෝපා රටවල් වල මෙය BA.2 ලෙසින් ගුණනය වී ඇති බවත් පර්යේෂකයන් සනාථ කරයි. කෙසේ වෙතත් ඔමික්‍රොන් නව ප්‍රභේද හමුවේ ජපාන ජාතිකයන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරිම සඳහා එන්නත් කරන වැඩපිළිවෙළේ  ඇති වැදගත්කම සම්බන්ධයෙන් ජපාන සෞඛ්‍ය අංශය මේ වන විට පර්යේෂණ කරමින් පවතී.

270 Views

Comments