කුරුළු උණ පැතිරීම ඉහළට


ජපානය තුල කුරුළු ඉන්ෆ්ලුවෙන්සා හෙවත් කුරුළු උණ අසාමාන්‍ය වේගයකින් පැතිර යමින් පවතිනවා.

.

ජපානය තුල කුරුළු ඉන්ෆ්ලුවෙන්සා හෙවත් කුරුළු උණ අසාමාන්‍ය වේගයකින් පැතිර යමින් පවතිනවා.

ඒ අනුව රටේ ප්‍රාන්ත 47 න් 12 ක කුකුළු ගොවිපළවල් වල මෙය පැතිරී ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

ගෝලීය ප්‍රවණතාවලට අනුකූලව එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරනවා.

මේ හේතුවෙන් කෘෂිකාර්මික අමාත්‍යාංශය ගොවිපලවලින් ඉල්ලා සිටින්නේ පරිපූර්ණ ආසාදන වැලැක්වීමේ පියවර ගන්නා ලෙසත් සැක කටයුතු සිද්ධීන් කඩිනමින් සොයාගෙන වාර්තා කරන ලෙසත් ය.

කෙසේ වෙතත් කුරුළු උණ ආසාදන තවදුරටත් පැතිර ගියහොත් එය බිත්තරවල සැපයුම්-ඉල්ලුම සමතුලිතතාවයට බලපානු ඇති බවයි ජපන් රජය පවසන්නේ.

 

74 Views

Comments