Akihito අධිරාජ්‍යයා රෝහල් ගත වේ


අද(27) Akihito අධිරාජ්‍යයා තෝකියෝ නුවර රෝහලකට ඇතුළු වී තිබෙනවා.

.

අද(27) Akihito අධිරාජ්‍යයා තෝකියෝ නුවර රෝහලකට ඇතුළු වී තිබෙනවා.

ඒ ඔහුගේ පුරස්ථි ග්‍රන්ථියේ පටක පරීක්‍ෂණයක් (බයොප්සි) සිදු කිරීමටයි.

මෙම මස 6 වන දින MRI (Magnetic Resonance Imaging) පරීක්ෂණයකින් ඔහුගේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වී ඇති බව තහවුරු වූ නමුත් විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිසිවක් නොතිබූ බැවින් මෙසේ බයොප්සි පරීක්ෂණයක් සිදු කරන බවයි වාර්තා වන්නේ.

අද  උදෑසන 9.00 ට ඔහු මෝටර් රථයෙන් රෝහලට පැමිණි අතර  මෝටර් රථයේ ජනේලය විවෘත කල අවස්ථාවේදී මහ දෙපස සිටි ජනයාට ඔහුට ආචාර කර තිබෙනවා.

69 Views

Comments