ලබන වසන්තයේ දී බඳවා ගැනීමට නියමිත තෝකියෝ මෙට්රොපොලිටන් උසස් පාසල් සඳහා වන ප්රවේශ විභාගයේ කොටසක් ලෙස ඉංග්රීසි කථන පරීක්ෂණය පළමු වරට අද(27) දින පැවැත්වෙනවා.
තෝකියෝ හි තුන්වන වසරේ රජයේ කනිෂ්ඨ උසස් පාසල් සිසුන් 76,000ක් පමණ විභාගයට පෙනී සිටින බවයි වාර්තා වන්නේ.
පරීක්ෂණය උසස් පාසල් සහ පෞද්ගලික සම්මන්ත්රණ ශාලා ඇතුළු ස්ථාන 197කදී පැවැත්වෙන අතර පරීක්ෂණ කාලය විනාඩි 15 ක් පමණ වනවා.
මෙහිදී එක් එක් පුද්ගලයාට බෙදා හරින ලද ටැබ්ලට් පරිගණකවල ප්රදර්ශනය කර ඇති වාක්ය සහ නිදර්ශන දෙස බලා ඉංග්රීසි වාක්ය ශබ්ද නඟා කියවා ඉංග්රීසියෙන් තම අදහස් ප්රකාශ කල යුතු වනවා.