ඊයේ(27) පස්වරු 1.35ට පමණ Saitama ප්රාන්තයේ Kasukabe නගරයේ Yahara ප්රදේශයේ මහල් නිවාසයක කාමරයක තිබී පිරිමි දෙදෙනකුගේ මළ සිරුරු සොයා ගැනිණි.
එක් පුද්ගලයෙකුගේ වයස නොදන්නා අතර මළ සිරුර නිල් පැහැති ෂීට් එකකින් ඔතා ජපන් විලාසිතාවේ කාමරයේ අල්මාරියේ තබා ඇත.
අනෙක් පුද්ගලයා වයස අවුරුදු 40 ත් 60 අතර වයසේ පසුවන බව විශ්වාස කරන අතර ඔහුගේ මැණික් කටුවෙහි කැපුම් තුවාලයක්ද තිබුණි.
මොවුන් දෙදෙනා සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ.