ජපානයේ හිටපු නගර සභා මන්ත්‍රීවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්


ජපානයේ හිටපු නගර සභා මන්ත්‍රීවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් 79 හැවිරිදි ජපානයේ හිටපු නගර සභා මන්ත්‍රීවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ ඔහුගේ අභියාචනය දකුණු චීනයේ Guangzhou හි මහාධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.

Sakuragi නම් මොහු 2013 ඔක්තෝම්බර් මාසයේදී Guangzhou හි Baiyun ගුවන් තොටුපළේදී ගමන් මල්ලෙහි නීති විරෝධී උත්තේජක කිලෝග්‍රෑම් 3.3 ක් පමණ රැගෙන ආ බව සොයා ගැනීමත් සමඟ චීන බලධාරීන් විසින් රඳවා ගනු ලැබීය.

නයිජීරියානු හඳුනන අයෙකු විසින් ජපානයට ගමන් මල්ලක් රැගෙන එන ලෙස ඉල්ලා සිටි නමුත් එහි උත්තේජක අඩංගු බව නොදැන සිටි බවට ඔහු අධිකරණය හමුවේ පැවසුවත් Guangdong පළාතේ ඉහළ මහජන අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

86 Views

Comments