McDonald මෙනුවේ නැවතත් french fries.


එළඹෙන සදුදා සිට නැවත තම මෙනුවේ විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ french fries අඩංගු කිරීමට ජපාන MacDonald සමාගම

.

එළඹෙන සදුදා සිට නැවත තම මෙනුවේ විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ french fries අඩංගු කිරීමට ජපාන MacDonald සමාගම තීරණය කර ඇත. පසුගිය මාසය පුරාවට ම එම නිෂ්පාදනය මැක්ඩොනල්ඩ් වෙළෙඳසල් වල  තාවකාලිකව නවතා තිබුණේ පසුගිය දෙසැම්බර්  මස සිට අඛණ්ඩව දෙ වන වරටත් අර්තාපල්  හිඟයකට  මුහුණ දීමට සිදු වීම හේතුවෙනි.

 

එළඹෙන සදුදා දින පෙරවරු 10:30 වන විට ජපානය පුරා විසිරී ඇති මැක්ඩොනල්ඩ් වෙළඳසැල් 2900 ක ට පමණ මෙම විශාල ප්‍රමාණයේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ලැබෙනු ඇත.ඒ සමඟම  මෙම අර්තාපල් හිඟය නිසා මෙතෙක් තමන්ට අවශ්‍ය ලෙස ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මිලදී ගැනීමට නොහැකි වූ සියලු පාරිභෝගිකයන්ට නැවත සුපුරුදු පරිදි ඒවා  මැක්ඩොනල්ඩ් අවන්හල් වලින් මිලදී ගත හැකි වනු ඇති බව ඔවුන් ජපානය පුරා විසිරී සිටින  MacDonald  පාරිභෝගිකයන්ට දන්වා සිටී.

 

Comments