ජපානයේ දී අතුරුදහන් වූ සොහොයුරිය සොයන ප්‍රංශ ජාතිකයා


2018 දී මෙම අතුරුදහන් වීම සිදු වී ඇත

.

ටෝකියෝවට උතුරින් පිහිටි ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන නික්කෝ හිදි 2018 දී අතුරුදහන් වූ ප්‍රංශ කාන්තාවක් සොයා ඇයගේ සහෝදරයා වසර තුනකට පමණ පසු ප්‍රථම වතාවට ජපානයට පැමිණ ඇය පිළිබඳ කිසියම් හෝඩුවාවක් සොයමින් සිටී.

"ඇය ජීවතුන් අතරද යන්න නොදැන කාලය ගෙවී යෑම දැකීම දුෂ්කර වී ඇත" දෙසැම්බර් මැද වන තෙක් රට තුළ රැඳී සිටින ඩේමියන් වෙරොන් පැවසීය.

40 හැවිරිදි Tiphaine Veron 2018 ජූලි 28 සිට Tochigi ප්‍රාන්තයේ රාත්‍රී දෙකක් ගත කිරීමට අදහස් කර ඇත. නමුත් පසුදා උදෑසන ඇය තනිවම නවාතැන් ගෙන සිටි ලැගුම්හලෙන් ඇගේ ගමන් මලු සහ විදේශ ගමන් බලපත්‍රය ද අතහැර අතුරුදහන් විය.

ඇයව කිසියම් අයකු විසින් පැහැරගෙන ගොස් ඇති බව විශ්වාස කරන වෙරෝන් පවසයි. දැනටමත් ප්‍රාදේශීය පොලිසිය හමුවී ඇති වෙරොන්, ජපන් බලධාරීන්ගෙන් සහ ජනතාවගෙන් තම පවුලට ලැබී ඇති සහයෝගයට කෘතඥතාව පළ කළේය. 

තම සහෝදරිය ජපානයට බෙහෙවින් ආදරය කරන බව වෙරොන් අවධාරණය කළේ ඇය ජපන් භාෂාව ඉගෙන ගත් බවත්, ජපන් භාෂාවෙන් සටහන් පවා ගත් බවත් සඳහන් කරමිනි.

92 Views

Comments