එල්ලා මැරීමට එරෙහිව සිරකරුවන් තිදෙනෙක් නඩුවක් ගොනු කරයි


ඕසකා හි මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන් තිදෙනෙක් රජයට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙනවා

.

ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව එල්ලා මැරීමේ ක්‍රමය අමානුෂික බව පවසමින් ඔසාකා හි මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන් තිදෙනෙක් රජයට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙනවා.


පැමිණිලිකරුවන් තිදෙනාම වසර 10 කට වැඩි කාලයක් ඔසාකා රැඳවුම් නිවාසයේ රඳවා තබා ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙක් ඔවුන්ගේ දඬුවම් අභියාචනා කිරීමේ ක්‍රියාවලියේ ද යෙදී සිටින බවයි වාර්තා වන්නේ.


පැමිණිල්ලේ නීතීඥ ක්යෝජි මිසුතානි කියා සිටියේ මෙම නඩුව ජපානයේ "මරණ දඬුවමේ යථාර්ථය ඉස්මතු කිරීම" සහ එම ක්‍රියාව දිගටම පැවතිය යුතුද යන්න පිළිබඳව මහජන සංවාදයක් ඇති කිරීම අරමුණු කරගත් බවයි.


මේ අනුව ජපාන දණ්ඩ නීති සංග්‍රහය යටතේ එල්ලා මැරීමේ එකම මාධ්‍යය ලෙස එල්ලා මැරීම අමානුෂික ක්‍රියාවක් බවත්, එය දරාගත නොහැකි වේදනාවක් ඇති කරන බවත්, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් කඩ කරන බවත් පැමිණිලිකරුවන් වැඩිදුරටත් කියා සිටිනවා.

70 Views

Comments