මාස නවයක් වයසැති පුතුට පහරදුන් පියා අත්අඩංගුවට


මාස නවයක් වයසැති පුතාට පහර දුන් බව කියන 32 හැවිරිදි පියෙකු ළමා අපයෝජනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

Ibaraki ප්‍රාන්තයේ Tsukuba හි පොලිසිය විසින් මැයි මාසයේදී තම මාස නවයක් වයසැති පුතාට පහර දුන් බව කියන 32 හැවිරිදි පියෙකු ළමා අපයෝජනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාගම් සේවකයෙකු වන කසුකි කොනෝ නම් මෙම සැකකරු තම පුතාගේ කම්මුල්වලට පහර දීම සහ ඔහුගේ බෙල්ලට කිහිප වතාවක් පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසනවා.

බිළිඳාගේ බෙල්ලේ චර්මාභ්යන්තර ලේ ගැලීමක්ද ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

119 Views

Comments