Takara Shuzo වෙතින් නවතම විස්කි විශේෂයක්


Takara Shuzo විසින් "Shirakawa 1958" නම් දේශීය විස්කි බෝතල් 70ක් නිෂ්පාදනය කර තිබෙනවා.

.

Takara Shuzo විසින් "Shirakawa 1958" නම් දේශීය විස්කි බෝතල් 70ක් නිෂ්පාදනය කර තිබෙනවා. 

ඒ අනුව මෙම එක් බෝතලයක මිල බදු හැර යෙන් මිලියන 4.2ක් වන බවයි වාර්තා වන්නේ.

මෙය මධ්‍යසාර පාන වර්ග අතරින් ඉහළම මිල වන අතර අන්තර්ජාලය ඔස්සේ මේවා සඳහා ඇණවුම් භාර ගැනීමෙන් පසු ලබන වසරේ මැයි මාසයෙන් පසු නැව්ගත කරන බවයි සමාගම පවසන්නේ.

මෑත වසරවලදී ජපානයේ දේශීය විස්කි විදේශයන්හි හොඳ නමක් දිනා ඇති අතර ඉහළ මට්ටමේ නිෂ්පාදන අලෙවිය වැඩි වෙමින්ද පවතිනවා. 

2020 දී Suntory "Yamazaki 55 Years" බෝතල් 100 ක මෙවැනිම සීමිත සංස්කරණයක් යෙන් මිලියන 3 කට අලෙවි වීමද එයට කදිම නිදසුනක්.

76 Views

Comments