Osaka ප්‍රාන්තයේ Fujiidera නාගරික කනිෂ්ඨ උසස් පාසලේ පෙළපොත් දූෂණ වංචාවකින් පසුව පෙළපොත් සමාගමක් වන Dainippon Tosho හි සභාපති 66 හැවිරිදි Hiroshi Fujikawa ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව සමාගමේ නව අනුප්‍රාප්තිකයා වන්නේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන කර්තෘ 63 හැවිරිදි Jun Nakamura ය.
කෙසේවෙතත් Fujikawa නියෝජිත නොවන අධ්‍යක්ෂවරයෙකු සහ උපදේශකයෙක ලෙස තවදුරටත් සමාගමේ කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
සමාගම අදාල සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වමින් සිටින බව නව සභාපති නකමුරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.