දරුවන්ට වද හිංසා කල මොන්ටිසෝරි ගුරුවරුන්ට වැඩ වරදී


මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 30 සහ 40 වයස්වල පසුවන ගුරුවරුන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

Shizuoka ප්‍රාන්තයේ පෞද්ගලික ළදරු පාසලක ගුරුවරුන් විසින් එහි රැකවරණයේ සිටින කුඩා දරුවන්ට ඔවුන්ගේ පාදවලින් උඩු යටිකුරු කර තබා ගැනීම ඇතුළු ශාරීරික හා වාචික අපයෝජන ක්‍රියා සිදුකර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 30 සහ 40 වයස්වල පසුවන ගුරුවරුන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගුරුවරුන් විසින් ඇතැම් ළමයින්ගේ කලිසම බලහත්කාරයෙන් ගලවා දැමීම සහ තර්ජනාත්මක ලෙස කටර් පිහියක් පෙන්වා තර්ජනය කිරීම ද කර ඇති බවයි වාර්තා වන්නේ.

එවැනි ක්‍රියාමාර්ග ගත් බව ගුරුවරුන් පිළිගත් නමුත් එසේ සිදු කළේ ළමයින් හික්මවීමට බවද ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

135 Views

Comments