ගුරුවරයෙකු නිසා සිසුවෙකුට සියදිවි නසා ගනී


මෙම ගුරුවරයා ඇතුලුව එකල පාසලේ සේවය කල ඉහළ පරිපාලන නිලධාරීන්ට ද දඬුවම් කිරීමට නගර අධ්‍යාපන මණ්ඩලය සැලසුම් කරයි.

.

2019 අප්‍රේල් මාසයේදී කුමමොටෝ නගරයේ කනිෂ්ඨ උසස් පාසලේ පළමු වසරේ ඉගෙනුම ලැබූ පිරිමි ළමයෙක් සියදිවි නසා ගත්තේය. 


ඒ අනුව මේ සඳහා අනුබල දුන් බවට චෝදනා ලැබූ නාගරික රිකියායි නිෂි ප්‍රාථමික පාසලේ 60 හැවිරිදි ගුරුවරයෙක් සේවයෙන් පහ කරන ලදී. 


පසුගිය වසර පහ තුළ අදාල සිසුවාට ශාරීරික දඬුවම් සහ අපහාසාත්මක වචන 42 වතාවක් ප්‍රකාශ කළ බවට අදාල ගුරුවරයාට චෝදනා එල්ල විය. 


මෙම ගුරුවරයා ඇතුලුව එකල පාසලේ සේවය කල ඉහළ පරිපාලන නිලධාරීන්ට ද දඬුවම් කිරීමට නගර අධ්‍යාපන මණ්ඩලය සැලසුම් කරයි.

80 Views

Comments