2021 දේශපාලන අරමුදල් ආදායම් සහ වියදම් වාර්තාව මත පදනම්ව එක් එක් පක්ෂ නායකයෙකුගේ මුළු ආදායම සසඳන විට ජාතික සභාවේ ඉහළම සාමාජිකයා වන අගමැති කිෂිඩා යෙන් මිලියන 229.26 ක මූල්‍ය ශක්තියක් පෙන්නුම් කර ඇත.
පක්ෂ නායකයන්ගේ සාමාන්‍යය ආදායම දැක්වුණේ යෙන් මිලියන 62.32 ක් ලෙසයි.
මේ අතර අගමැතිවරයා යෙන් මිලියන 10ක් හෝ ඊට වැඩි මුදලක් වැය කරමින් විශේෂ සාද හය වතාවක් ටෝකියෝවේ සහ ඔහුගේ උපන් ගම වන හිරෝෂිමා හි පවත්වා යෙන් මිලියන 121.16ක් රැස් කර ඇති බවද වාර්තා වනවා.
පුද්ගල හා සංවිධානවල පරිත්‍යාග පෙර වසරේ යෙන් මිලියන 14.3 සිට යෙන් මිලියන 69.97 දක්වා සැලකිය යුතු ලෙස වැඩි වූ අතර ඔහු අගමැති ලෙස පත්වීම පිළිබඳ අපේක්ෂා ද මෙම එකතුවට දායක වූ බව පෙනේ.