හිම පතනය හමුවේ භාණ්ඩ ප්‍රවාහනයට නව සැලැස්මක්


අධික හිම පතනයකදී අධිවේගී මාර්ගවල ආරක්ෂිත ප්‍රවාහනය සහ බෙදා හැරීම පිළිබඳ ආදර්ශන අත්හදා බැලීමක් ආරම්භ කළේය. 

.

ජපානයේ කාලගුණ සංගමය සහ NEXCO East Japan Niigata ශාඛා කාර්යාලය එක්ව පසුගිය 1 වනදා අධික හිම පතනයකදී අධිවේගී මාර්ගවල ආරක්ෂිත ප්‍රවාහනය සහ බෙදා හැරීම පිළිබඳ ආදර්ශන අත්හදා බැලීමක් ආරම්භ කළේය.  

ශාඛා කාර්යාලයේ බල ප්‍රදේශය තුළ අධිවේගී මාර්ග භාවිත කරන ලොජිස්ටික් සමාගම් 40කට අධික සංඛ්‍යාවකට අධික හිම සහ මාර්ග පිළිබඳ අනාවැකි සහ තත්ත්වයන් පිළිබඳ තොරතුරු ලබා දීමෙන් මහා පරිමාණ සැපයුම් බාධාවකින් තොරව ප්‍රවාහනය කිරීම මෙහි අරමුණයි.

මෙමගින් සැපයුම් සමාගම් වෙත සැලකිය යුතු අධික හිම පතනයක් අපේක්ෂා කිරීමට දින පහකට පෙර හදිසි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනු ඇත.

 

94 Views

Comments