සහන සැලක් කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට


Mie ප්‍රාන්තයේ Yokkaichi පොලිසිය විසින් සහන සැලක් කොල්ල කෑමේ වරදට සැක පිට  50 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට

.

Mie ප්‍රාන්තයේ Yokkaichi පොලිසිය විසින් සහන සැලක් කොල්ල කෑමේ වරදට සැක පිට  50 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිසිය පවසන ආකාරයට  Seiji Sugimoto නම් Fukuoka  නගරයේ වෙසෙන මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 16 වනදා දින  රාත්‍රී 11.30 ට පමණ ඔහු පෙර සේවයේ නියුතුව සිටි සහන සැලට ඇතුළු වී එහි ලිපිකරු එහා මෙහා  වන තෙක් රැඳී සිට මුදල් කවුන්ටරයෙන් යෙන් 150,000ක පමණ මුදලක්  සොරා ගෙන පිටව ගොස් ඇත.

 

සහන සැලේ සවිකර තිබූ  ආරක්ෂක කැමරා වල සටහන්ව තිබු වීඩියෝ දර්ශන  ඇසුරෙන් එම පුද්ගලයාව හඳුනාගෙන තිබිණි.

Comments