විටින් විට ජපාන රජය විසින් සීමාසහිත විදෙස් සිසුන් ප්‍රමාණයක් රට තුළට ඇතුළු කරගත්තද තවමත් බහුතරයක් විදේශීය සිසුන් සිය පාඨමාලා ආරම්භ කිරීම සඳහා ජපානයට ඇතුළුවීමට බලාපොරොත්තුව සිටී.
ඔමික්‍රොන් පැතිර යාම හමුවේ ජපානය විදෙස් ජාතිකයන්ට ජපානයට ඇතුළුවීම තහනම් කරන ලදී. සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාල සිසුවියක් වන Adeline Leng kyodo පුවත් sewayata සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා සිටියේය පසුගිය අප්‍රේල් මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඇගේ උසස් අධ්‍යාපනය තවමත් ආරම්භ කිරීමට නොහැකි වී ඇත්තේ ජපාන රජය විසින් පනවන ලද රටට ඇතුළු ඇතුළු වීමේ තහනම් නියෝගය නිසා බවයි. ඇය ඇතුළු විදේශීය සිසුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ කඩිනමින් ජපන් ඇතුළට ඇතුළු වීමට විදෙස් සිසුන්ට අවස්ථාව ලබා දෙන ලෙසයි.