පෙබරවාරි 01 වනදා සිට පුරා දින 5ක් අඩි 100ක් පමන ගැඹුරු නල ලිං පතුලක සිරවී සිටි වයස අවුරුදු 5ක් වන රයන් නැමැති මොරොක්කෝ ජාතික දරුවා ඊයේ එනම් පෙබරවාරි 5 වනදා රාත්‍රි බේරා ගැනීමට සහන සේවා කන්ඩායම් වලට හැකි වුනත් ඒ වනවිටත් පුංචි රයන් මෙලොවින් සමුගෙන ගොස් තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය අද වාර්තා කර තිබුණි.
පසුගිය දින 5ක් පුරා විශාල මෙහෙයුමක් මේ සදහා ක්‍රියාත්මක කර තිබූ අතර ඉතා ප්‍රවේශමෙන් මෙම කැණීම් කටයුතු සිදුකර තිබුණේ ඒ අවට භූමිය නාය යෑමේ අවදානම් තත්වයක් ද තිබූ බැවිනි. කෙසේ වෙතත් මේ සියලුම උත්සහායන් ව්‍යර්ථ කරමින් මේ කුඩා දරුවා සදහටම සමුගෙන ගියේය.