පුතා යැයි දුරකථනයෙන් අමතා මවගෙන් මුදල් ඉල්ලූ වංචනිකයෝ


80 හැවිරිදි රැකියා විරහිත කාන්තාවකගේ පුත්‍රයා ලෙස පෙනී සිටිමින් ඇයට යෙන් මිලියන 7 ක වංචාවක් කල සිද්ධියක් පිළිබඳ Kashima City ප්‍රදේශයෙන් වාර්තා වනවා.

.

80 හැවිරිදි රැකියා විරහිත කාන්තාවකගේ පුත්‍රයා ලෙස පෙනී සිටිමින් ඇයට යෙන් මිලියන 7 ක වංචාවක් කල සිද්ධියක් පිළිබඳ Kashima City ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කෂිමා පොලිස් ස්ථානයට අනුව 07 වැනිදා දහවල් ඇයගේ වැඩිමහල් පුතාගේ ලොක්කා යැයි කියාගත් අයෙක් එම කාන්තාවගේ නිවසට කතාකර පුතාව රෝහලට රැගෙන යන බව පවසා තිබෙනවා. ඉන් පසු ඇයගේ වැඩිමහල් පුත්‍රයා ලෙස පෙනී සිටි පුද්ගලයෙක් දුරකථනයෙන් කතා කර පවසා ඇත්තේ මුදල් පසුම්බිය රෝහලේ තබා ඇති අතර එහි තිබූ බඩු බාහිරාදිය නැති වී ඇති බැවින් මුදල් එවන ලෙසයි.

මෙම කාන්තාව තම වැඩිමහල් පුත්‍රයා සමඟ ජීවත් වූ අතර පසුව වැඩිමහල් පුත්‍රයා වැඩ නිමවී නිවසට පැමිණි විට එය වංචාවක් බව දැනගෙන තිබෙනවා.

 

95 Views

Comments