බස් රථයක් තුල පෙර පාසල් දරුවෙක් මියයාමේ සිද්ධිය යලි කරලියට


Fukuoka ප්‍රාන්තයේ Nakama නගරයේ පෞද්ගලික Futaba ළදරු පාසලක අවුරුදු 5ක් වූ දරුවෙක් ෂටල් බස් රථයක දමා යාමෙන් පසු තාප ආඝාතයෙන් මිය ගියේය. 

.

Fukuoka ප්‍රාන්තයේ Nakama නගරයේ පෞද්ගලික Futaba ළදරු පාසලක අවුරුදු 5ක් වූ දරුවෙක් ෂටල් බස් රථයක දමා යාමෙන් පසු තාප ආඝාතයෙන් මිය ගියේය.  

මේ සම්බන්ධයෙන් එවකට ළදරු පාසලේ අධ්‍යක්ෂට එරෙහිව යෙන් මිලියන 46 ක පමණ වන්දියක් ඉල්ලා ෆුකුඕකා දිසා අධිකරණයේ කොකුරා ශාඛාව වෙත නඩුවක් ගොනු කරන ලදී.  මෙම නඩුව නොවැම්බර් 25 දා ගොනු කරන ලදී.

පැමිණිල්ලට අනුව පැමිණිලිකරු චෝදනා කරන්නේ හිටපු අධ්‍යක්ෂවරයා සහ ළමයින්ට බස් රථයෙන් බැසීමට උපකාර කළ 59 හැවිරිදි ළදරු පාසලේ ගුරුවරියක් ඔවුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ෆුයෝගේ මරණයට හේතු වූ බවයි. 

ඒ අනුව වෘත්තීය නොසැලකිලිමත්කම හේතුවෙන් මරණයට පත් වූ බවට චෝදනා එල්ල වූ හිටපු අධ්‍යක්ෂවරයා සහ තවත් දෙදෙනෙකු අත්හිටවූ සිරදඬුවමක් සමඟ නොවැම්බර් 8 වැනිදා වැරදිකරුවන් බවට තීන්දු කෙරුණා.

 

94 Views

Comments