Seifu Gakuen පවත්වාගෙන යන ළමා සුරැකුම් මධ්‍යස්ථාන 2ක් වෙත ලබාදෙන ප්‍රතිලාභ වසරකට අත්හිටුවයි


අනවශ්‍ය වියදම හේතුවෙන් ඔවුන්ට ලබාදෙන ප්‍රතිලාභ වසරක් සඳහා අඩු කිරීමට නගර පරිපාලනය තීරණය කර තිබෙනවා.

.

Yamagata සහ Tendo යන ප්‍රදේශවල ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන අධ්‍යාපනික සංස්ථාවක් වන Seifu Gakuen සහනාධාර අරමුදල් යොදාගනිමින් මිල අධික ගිටාර් දෙකක් මිලදී ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මෙම අනවශ්‍ය වියදම හේතුවෙන් ඔවුන්ට ලබාදෙන ප්‍රතිලාභ වසරක් සඳහා අඩු කිරීමට නගර පරිපාලනය තීරණය කර තිබෙනවා.

මේ අනුව Yamagata City යෙන් මිලියන 10 සිට 15 දක්වා ප්‍රතිලාභ අඩු කිරීමට අපේක්ෂා කරන අතර Tendo City යෙන් මිලියන 16.5 ක් අඩු කිරීමට නියමිතයි.

ගිටාර් මිලදී ගැනීම් ආදිය සඳහා අසාධාරණ ලෙස වියදම් කරන ලද යෙන් මිලියන 29.8 ක පමණ මුදල නැවත එම ආයතනයට ලබා දෙන ලෙසත්, උපකරණ නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහාත්, දෙමාපියන් සහ කාර්ය මණ්ඩලය සඳහා දැනුවත් කිරීමේ සැසි පැවැත්වීමටත් නගර දෙකේ පරිපාලනය විසින් අදාල අධ්‍යාපනික සංස්ථාවට උපදෙස් ද ලබා දී තිබෙනවා.

 

78 Views

Comments